වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද නිසි අවසරයකින් තොරව රිටිගල දැඩි ස්වභාවික රක්ෂීතයේ ප්‍රේරක කලාප සීමාවට අයත් උල්පත්වැව ප්‍රෙද්ශයේ දී දැවැන්ත කුඹුක් ගසක් නීති විරෝධී අයුරින් කැපූ පුද්ගලයකු එම දැව තොගයක් ද සමඟ රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අද (31) අත්අඩංගුවට ගනු ලැබීය.
රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම කාර්යාලයේ නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. සිද්දිය සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු රිටිගල උල්පතගම ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරු 49ක් වන පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත් සැකකරු විසින් රිටිගල දැඩි ස්වභාවික රක්ෂීතයේ ප්‍රේරක කලාපයට අයත් පිහිටි උල්පත්වැව ප්‍රෙද්ශයේ තිබූ වට අඩි 20ක් පමණ විශාල වූ පැරණී කුඹුක් ගසක් කපා දැමීමට කටයුතු කරමින් සිට තිබේ. වනජීවී නිලධාරීන්ගේ ක්ෂණික ක්‍රියාත්මක වීම හේතුවෙන් එම ගස මුලුමණීන්ම බිම පෙරළා දැමීමට පෙර ආරක්ෂා කර ගැනීමට හැකිව තිබේ.
සැකකරු එම විශාල කුඹුක් ගස මුළුමනින්ම කපා ඉවත් කිරීමට සූදානමින් කටයුතු කර ඇති බව වනජීවි නිලධාරීහු සිදු කළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ. වැටලීම සිදුවන අවස්ථාව වනවිටත් සැකකරු එම දැවැන්ත කුඹුක් ගසෙහි ලක්ෂ ගණනක් වටිනා දැව කඳන් තොගයක් ද කපා වෙන්කර දමා තිබිණ. සැකකරු විසින් කපා තිබූ එම කුඹුක් දැව කඳන් තොගය ද වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. වන ජිවි නිලධාරීන් පෙන්වා දෙන්නේ කුඹුක් යනු ඉහළ වටිනාකමක් ඇති ඒ ශ්‍රේණියේ දැවයක් ද වන බවයි.
සැකකරු විසින් නීතිවිරෝධීව කපා දමා තිබියදී අත්අඩංගුවට ගනු ලැබූ එම කුඹුක් දැව තොගය සම්බන්ධයෙන් වන සංරක්සණ දෙපාර්තමේන්තුව මගින් සවිස්තර වාර්ථාවක් කැඳවීමට කටයුතු කරන බවද වනජීවී නිලධාරීහු පවසති.
මෙම සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කැකිරාව මහෙසේත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
අනුරාධපුර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.එස්. චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ වනසත්ව අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ වනසත්ව අඩවි සහකාර ඒ.බී.විජේසිංහ, සිවිල් ආරක්ෂක නිලධාරී ජී.ආර්.හේරත්,විදුලි වැට නඩත්තු සහයක බුද්ධීක ඇතුළු පිරිසක්ද අලගොල්ලෑව විදුලි වැට නඩත්තු සහයක පිරිසක්ද එම වැටලීම සිදු කර තිබිණ.
කැකිරාව – කුෂාන් ජයවර්ධන

