පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බවට සඳහන් වූ ආර්. රාජකුමාරි නමැති කාන්තාවගේ මියයෑමට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව අගෝස්තු මස 25 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පවසනවා.
වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය එලෙස සැක සහිත ලෙස මියගොස් තිබු අතර මෙම පරීක්ෂණය අද (26) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවා තිබෙනවා.
ඒ අනුව මෙම මරණ පරීක්ෂණයට අදාළව සිදු කෙරුණු සාක්ෂි විභාගය අද අධිකරණය හමුවේ අවසන් කෙරුණු අතර ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

