නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් හට රුපියල් මිලියන 7.5 ක දඩයක් නියම කර මුදා හැර තිබෙනවා.
ඒ අනුව ඔහු සන්තකයේ තිබූ රත්‍රං තොගය සහ ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කළ බවයි රේගු මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එනු ලැබූ රත්‍රං තොගයේ වටිනාකම රුපියල් මිලියන 74 ක් බවත් ජංගම දුරකථනවල වටිනාකම රුපියල් මිලියන 4.2 ක් බවයි රේගුව සඳහන් කළේ.
ඩුබායි රාජ්‍යයේ සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ (23) පෙරවරුවේ මෙරටට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අදාල මන්ත්‍රීවරයා සිය භාරයට ගෙන තිබුණා.

