රජයේ විශ්වවිද්‍යාලකින් උපාධිය ලබා විදෙස්ගත වන පුද්ගලයින්ගෙන් උපාධියට වැය වූ මුදල අය කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි – සම්පත් අමරතුංග

sampath-amarathunga-nn

රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් උපාධිය ලබාගෙන විදෙස්ගත වන පුද්ගලයින්ගෙන් උපාධිය සඳහා රජය වැය කළ මුදල කොටස් වශයෙන් හෝ යළි අය කරගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග පවසනවා.

ඒ තුළින් තවත් පුද්ගලයෙකුට ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ යෝජනා පිළියෙල කරන ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

මේ සඳහා ජාතික නීතියක් අවශ්‍ය බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ.

එලෙස පුද්ගලයින් විදෙස් ගතවීම ගැටලුවක් නොවන බවත් නමුත් එලෙස විදෙස් ගතවූ පසු හැකි තරම් මුදල් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු ලෙසට ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.