රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන් අපේක්ෂා රෝහලේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්

apeksha-hospital

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන් මහරගම අපේක්ෂා රෝහලේ අමතර සේවා මුරවලින් ඉවත්වී ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (07) දිනයේත් ක්‍රියාත්මක වනවා.

අමතර සේවාවල ගෙවීම් කප්පාදු වන ආකාරයේ ලිපියක් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති බවත් එයට විරෝධය දක්වමින් මෙය ක්‍රියාත්මක කරන බවයි එහි ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා සඳහන් කළේ.

අවුරුදු 23 කට ආසන්න කාලයකින් අමතර සේවා ගාස්තු වැඩි කිරීමක් සිදු කර නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.