ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන්හි දී හමුදා සාමාජිකයන් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන්හි දී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තවත් ඖෂධ ලබා ගැනීමට නියමිත බවත් සෞඛ්‍යය ක්ෂේත්රය වෙනුවෙන් වැඩි විදේශ විනිමයක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවයි ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ (SLCMM) 6 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. යුද, නාවික සහ ගුවන් හමුදාවේ වෛද්‍ය බළකාය උතුරු නැඟෙනහිර යුදමය තත්ත්වයේදී සැබවින්ම හමුදා වෛද්‍ය විද්‍යාව අත්විඳි බවත් මේ වන විට වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙම කලාපයේ ඇති හොඳම වෛද්‍ය පර්යේෂණ ආයතනය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළා. එසේම අඩු ආදායම්ලාභීන්ට පෞද්ගලික රෝහල් සේවාව ලබා ගත හැකි වන පරිදි සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරමින් සිටින බවත් රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමටත් පෞද්ගලික රෝහල් සඳහා ගෙවීම් නොකළ යුතු වාට්ටු හඳුන්වා දීමටත් ඇති හැකියාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමේ හැකියාව සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටිනවා – ජනපති
-
නිවාස පිරිසිදු කිරීමට ලබාදෙන මුදල රු.25,000 දක්වා ඉහළට….
Read more >> -
විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට පත් වූ ජනතාව වෙත ලබා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්…..
Read more >> -
සජිත් තානාපතිවරුන්ගෙන් ආධාර ඉල්ලයි….
Read more >> -
චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්….
Read more >> -
“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර හා ජාතික ආපදා තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා ජනතා පක්ෂයෙන් නිවේදනයක්….
Read more >> -
පෞද්ගලික විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරීත්වය ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය….
Read more >> -
පොහොර සහනාධාර මිල සම්බන්ධයෙන් තීරණයක්…..
Read more >> -
දයාසිරිගේ ක්‍රියාකලාපය ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්…..
Read more >> -
උපාධිය ගැන පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නාමල් කියයි…..
Read more >> -
21 ජනරැළියට සහභාගි වන්නැයි දිලිත් ප්රමුඛ සර්වජන බලයට ආරාධනා….
Read more >>

