රජයට මිතුරු ව්‍යාපාරිකයින්ගේ ණය කපා හරින බවට පළවෙන වාර්තා බොරු – රංජිත් සියඹලාපිටිය

ranjith-siyabalapitiya-new

රජයට පක්ෂපාතී ව්‍යාපාරිකයින් 10 දෙනෙකුගේ ණය බොල්ණය ලෙස කපා හරින බවට පළ වූ වාර්තා අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මේ පිළිබඳව රාජ්‍ය බැංකු සහ මහ භාණ්ඩාගාරය අමතා තමා කරුණු විමසීමක් ද කළ බව කියා සිටි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ‍එලෙස ණය කපා දැමීම භයානක ක්‍රියාවක් බවත්, එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කිසිදු අදහසක් නොමැති බවයි.

සමස්ථ ගණුදෙනුකරුවන් බැංකු ණයෙන් පීඩාවට පත්ව සිටින අවස්ථාවක කිහිප දෙනෙකුගේ පමණක් ණය කපා දමන බවට පළවන වාර්තා රටේ අනෙකුත් ගණුදෙනුකරුවන්ට පීඩාවක් ගෙන දෙන පුවතක් බවට පවසන අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී හෝ එලෙස ණය කපා දැමීමට අපේක්ෂා නොකරන බවයි.