යුක්තිය මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 943 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 670ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 273ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 670දෙනා අතරින් සැකකරුවන් 9කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 25ක් පුනරුත්ථාපනය සදහා යොමුකර තිබෙනවා.
මෙම මෙහෙයුමේදී හෙරොයින් 199 g ක්, අයිස් 168 g ක්, ගංජා 2 kg 400 g ක්, ගංජා පැල 2,883 ක්, මත්පෙති 59 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

