මේ යන විදියට ගියොත් විදුලිබල මණ්ඩලය විතරක් ඉතුරු වෙලා අනිත් ඒවා වැහිලා යාවි – දිලුම්

dilum-amunugama

නැවතත් විදුලිබිල වැඩි කිරීමට කටයුතු කිරීම තුළින් ආයෝජන ප්‍රවර්ධන කර්මාන්ත රැසක් වසා දැමීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඒ අනුව කර්මාන්ත ක්ෂේත්‍රයේ කඩා වැටීම මඟින් සිදු කිරීමට අපේක්ෂිත ආර්ථික දියුණුව ගැන ගැටලු සහගත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ආදායම හා වියදම සමබර කිරීමේ උපාය මත මේවා සිදුවන බවත් මේ යන ආකාරයට ගියහොත් විදුලිබල මණ්ඩලය පමණක් ඉතිරීවී අනෙක් සියල්ල වැසී යනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙරට ආයෝජනය කරන ලෙස ආයෝජකයින්ට ආරාධනා කර විදුලි බිල වැඩි කිරීමෙන් පසු එම ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම ඉතා අපහසු කාරණයක් වී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළේ.