2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු සඳහා චීන රජය විසින් පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දී තිබේ.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමේ නිල උත්සවයට සහභාගී වෙමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මේ බව පැවසීය.
2025 වර්ෂය වනවිට මෙරට සිසුන් 165කට අධික ප්‍රමාණයක් මෙම ශිෂ්‍යත්ව වැඩසටහනින් ප්‍රතිලාභ ලබා තිබේ.
ඉංජිනේරු තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, කළමනාකරණය සහ කලා යන ක්ෂේත්‍රවලින් එම ශිෂ්‍යයත්ව හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

