මෙරට පුද්ගලයින් ලක්ෂ 75කට ආසන්න සංඛ්‍යාවක් දැඩි ආහාර අර්බුදයකට මුහුණපා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් කළ අධ්‍යනයකින් එම තොරතුරු අනාවරණය වී ඇති බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාව තුළ වෙසෙන සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ 57 කට අධික අතර ඉන් 33%ක් මේ වනවිට දැඩි ආහාර අර්බුදයකට මුහුණ පා ඇතැයි එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් කළ නවතම අධ්‍යනයෙන් පෙන්වා දී තිබෙනවා.
මෙරට පවුල් ලක්ෂ 37 ක් රජයෙන් සහන ඉල්ලා ඇති බවද අදාළ අධ්‍යනයෙන් හෙළිව ඇති බවත් එය සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 65%ක් බවත් මෙය බරපතළ තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ආසියානූ පැසිෆික් කලාපයේ ආහාර අනාරක්ෂිත රටවල් 23 අතරින් ශ්‍රී ලංකාව 20 වැනි ස්ථානයේ පසුවන බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් සඳහන් කළේ.
මෙරට පුද්ගලයින් ලක්ෂ 75කට ආසන්න සංඛ්‍යාවක් දැඩි ආහාර අර්බුදයක – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල
-
සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 23 ඉක්මවයි….
Read more >> -
නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයන් හී නායයෑමේ අවදානමට ලක්වූ පාසල් ගැන තීරණයක්…..
Read more >> -
රන් මිල රු 12,000කින් ඉහළට…..
Read more >> -
පහළ කඩුගන්නාවෙන් ඉහළ පහළ යන අයට දැනුම්දීමක්….
Read more >> -
ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණ වෙනසට ආපදා කළමනාකරණය සූදානම් වෙයි….
Read more >> -
සූරියකන්ද පොලීසියේ වැඩ තහනම් කළ නිලධාරියාගේ ප්‍රකාශයට පොලීසියෙන් නිවේදනයක්…..
Read more >> -
අම්බලන්ගොඩ කෝසල ඝාතනයට හිටපු පොලිස් ලොක්කෙකුගේ නමකුත් ඈඳෙයි….
Read more >> -
ජෑමර් පද්ධතියේ අර්බුදයෙන් බූස්සේ සැරටම කෙරෙන වැඩ හෙළිවෙයි….
Read more >> -
2025 මුල් මාස 11 දී රාජ්‍ය ආදායම රු. බිලියන 4,900 ඉක්මවයි….
Read more >> -
හීනටියන මහේෂ්ගේ ගෝලයෙකු වන ‘ජින්ගා’ අත්අඩංගුවට…..
Read more >>

