මෙරට දෛනිකව හෘද රෝගීන් 170 ක් වාර්තා වනවා – විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ

heart-attack

මෙරට දෛනිකව වාර්තාවන හෘද රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසනවා.

මේ වන විට දෛනිකව හෘද රෝගීන් 170ක් පමණ වාර්තා වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කළේ.

මෙම තත්ත්වය පසුගිය අවුරුදු කිහිපයක් පුරා ක්‍රමක්‍රමයෙන් වැඩිවෙමින් ඇති බවත් පවතින ජීවන රටාව සහ ආහාර රටාව මෙම හෘද රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව තුළ ගන්නා ආහාරවල බහුල ලෙස සීනි අඩංගු වන අතර මෙරට පුද්ගලයෙක් වසරකට සීනි කිලෝ 30 ක් භාවිතා කරන බවත් තෙල් සහ කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර ගැනීමද මෙලෙස හෘද රෝගීන් වැඩිවීමට හේතුවන බවයි විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.