24-06-19
කැකිරාව කුෂාන් ජයවර්ධන
මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සලකමින් උන්වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් වෙන් කර ඇති පොසොන් සතියේදී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ශ්‍රද්ධා භක්තියෙන් යුතුව ආගමික වතාවත්වල යෙදෙන ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
මෙවර ද ජාතික පොසොන් පුණ්‍ය මහෝත්සවය අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අවශ්‍ය සියළු කටයුතු ජාතික පොසොන් උත්සව කමිටුව විසින් සූදානම් කර ඇති බව ද උන්වහන්සේ පවසති.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරට වැඩම කිරීම සිහිපත් කරමින් මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සැලකීමත් උන්වහන්සේගේ ගුණානුස්මරණය කිරීමත් වෙනුවෙන් වෙන් කර ඇති පොසොන් සතියෙහි ශ්‍රද්ධාවෙන් සහ භක්තියෙන් යුතුව සියළු බැතිමතුන් කටයුතු කළ යුතු බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියෝ අවධාරණය කරති.
පොසොන් උදාවත් සමඟ අනුරාධපුර අටමස්ථානය ඇතුළු ආගමික ස්ථානයන්හි දී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සිදුකරමින් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට කටයුතු කිරිම බෞද්ධයින්ගේ අරමුණ වී තිබේ. බැවින් ඒ සදහා අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් මෙම පූජා භූමිය අපවිත්‍ර නොකොට දැහැමි සිතින් යුතුව සිය ආගමික වතාවත්වල නිරත වන ලෙස ද ආගමික ස්ථාන වැඳපුදා ගැනීමට අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගෙන් අටමස්ථානාධීපති නායක හිමියෝ ඉල්ලා සිටිති .
මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සලකමින් උන්වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් වෙන් කර ඇති පොසොන් සතියේදී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ශ්‍රද්ධා භක්තියෙන් යුතුව ආගමික වතාවත්වල යෙදෙන ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
-
බේරුවලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගනී….
Read more >> -
ආපදා මරණ 465 දක්වා ඉහළට…..
Read more >> -
ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්…..
Read more >> -
කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්….
Read more >> -
වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….
Read more >> -
සියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්….
Read more >> -
නෙළුම්මල ගම්මානයම මළ ගමක් කළ නායයෑම….
Read more >> -
ගංවතුර බැස යාමත් සමඟ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න…..
Read more >> -
අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර….
Read more >> -
මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….
Read more >>

