පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර ඒකකයට ලද තොරතුරක් අනුව ලොරි රථ අටකින් මෙම සහල් තොගය කිරිඉබ්බෑව පෞද්ගලික සහල් සකස් කිරීමේ මෝලකට රැගෙන ගොස් නැවත ඇසුරුම් කිරිමේ ක්‍රීයාවලිය සිදුකරමින් සිටින අවස්ථාවේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත.
මෙම සහල් තොගයේ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් එක් ලක්ෂ හැත්තැහයදාස් පන්සියයක් බව වැටලීම් නිලධාරීහු පවසති
එම සහල් තොගයේ අසුරා තිබු ඇසුරුම්වල සටහන්ව තිබු අයුරින් පසුගිය 30 වෙනිදා වෙන විට මෙම සහල් කල්ඉකුත් වීමට නියමිත වන අතර අත් අඩංගුවට ගත් සහල් මිනිස් පරිබෝජනයට සුදුසු නොමැති බවත් යන්ත්‍රානු සාරයෙන් සහල් නැවත පිරිසිදු කර වෙනත් බහාළුම් වල අසුරා කල් ඉකුත්වීමේ දිනය ඉදිරියට දින 30ක් දක්වා දින යොදා රජය මගින් අඩු ආදායම් ලාබීන්ට නොමිලේ බේදා දීමේ අපේක්ෂාවෙන් පෞද්ගලික සහල් මෝල වෙත රැගෙන ගිය බවට අනාවරණය කරගෙන ඇතැයි ද පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර ඒකකයේ නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සහල් තොගය එම මෝලේ ගබඩාවකට දමා සීල් කිරිමෙන් අනතුරුව සහල් මෝලේ හිමිකරු වන කේ.එස්.ජි. අස්මි නැමැත්තා අද (12) ශරිර ඇපමත මුදාහැරිනු ලැබු අතර එළේබෙන (13) දින කහටගස්දිගිලිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
මෙම වැටලීම සදහා ජේෂ්ඨ විමර්ශන සේවා නිළාදාරි J.M.R.කරුණාරත්න මහතා ඇතුලු නිළධාරින් පිරිසක් හා කහටගස්දිගිලිය පොලිස් නිළධාරින් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.

