පසුගිය වසරේ මැයි මස 09 වනදා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලඥයින්ගේ නිවාස දේපල ගිනිතබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද (22) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.
අද පෙත්සම කැඳවූ අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේ, ඉකුත් වසරේ මැයි මස නව වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවට සිය සේවාදායකයා දැනුම්දී ඇති බවයි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශ්වය අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

