මැතිවරණ දිනය ගැන සාකච්ඡාවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද මැතිවරණ කොමිසම හමුවෙයි

OIP

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට නියමිතව තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ඔවුන් සඳහන් කරන්නේ, පළාත් පාලන මැතිවරණය මාර්තු 19 වනදා පැවැත්විය යුතු බවයි.

මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කරමින් මේ බව දැනුම්දී ඇති අතර ඒ අනුව අද (07) පෙරවරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.