මැතිවරණය ගැන අධිකරණ නියෝගය අනුව කටයුතු කරනවා – රංජිත් සියඹලාපිටිය

R

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (03) දිනයේ ලබාදුන් තීන්දුව අනුව කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පවසා සිටියේ අධිකරණ තීන්දුවට ගරු කළ යුතු බවත් එම තීන්දුව පැහැදිලිකරගෙන කටයුතු කිරීම හැමදෙනාගෙම වගකීමක් බවයි.

ඒ අනුව අධිකරණ තීන්දුව අනුව ඉදිරියේ දී වියදම් පෙළගැස්වීම සිදුකළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.