මැතිවරණයට අදාළව රාජ්‍ය ආයතන සමඟ මැතිවරණ කොමිසම ඇතිකරගත් එකඟතා දැනුම්දෙයි

OIP

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව රජයේ මුද්‍රණාලය, පොලීසිය සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සමඟ ඇතිකරගත් එකඟතාවයන් මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව රජයේ මුද්‍රණාලයෙන් තැපැල් ඡන්ද පත්‍රකා දින 5 ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති අතර, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මගින් අදාළ මුදල් ලබා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

මුද්‍රණාලයාධිපතිනිය කරන ලද ඉල්ලීම අනුව පොලිස් ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව සහ අවශ්‍ය දින පිළිබඳ තොරතුරු පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙස හා ඒ අනුව අවශ්‍ය ආරක්ෂාව ලබාදිය හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) විසින් දන්වා තිබෙනවා.

කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ඡන්ද විමසීමට අදාළ ඉන්ධන ලබාදීමේ තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ඛණිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් ඉදිරි දින කිහිපය තුළදී ලබා දීමට ද එකඟතාව පළ කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

6466c0f4f8c7d8dec57472fe949b4745