මාර්තු 19 මැතිවරණය පැවැත්විය යුතු බවට විපක්ෂයේ සියලු පක්ෂ කොමිසමට ලිඛිතව දැනුම්දෙයි

OIP

පළාත් පාලන මැතිවරණය මාර්තු 19 වනදා පැවැත්විය යුතු බවට විපක්ෂයේ සියලුම පක්ෂ මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම හමුවීම අවශ්‍ය බව අදළ ලිපිය මඟින් ඔවුන් දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව හෙට (07) දිනයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සමඟ අදාළ හමුව පැවැත්වීමට නියමිතයි.