මාර්තු මස පළමුවනදා වෘත්තීය සමිති ඒකාබද්ධව සමස්ත මහා වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති එක්ව ඊයේ (16) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඉදිරි දින කිහිපය තුළ සිය ගැටලු සඳහා විසඳුම් නොලැබුණහොත් මෙය ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල සඳහන් කළේ.
ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජලසම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති මේ සඳහා එක්වීමට නියමිතයි.

