මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද අමාත්‍ය මණ්ඩලය හමුවට

central-bank

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (04) අමාත්‍ය මණ්ඩලය හමුවට කැඳවා තිබෙනවා.

මහ බැංකු සේවකයින් විසින් පසුගියදා වැටුප් වැඩි කර ගැනීමට කටයුතු කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් බොහෝ පාර්ශවවල විවේචන එල්ල වී තිබුණා.

පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මහ බැංකු නිලධාරීන් විසින් එවැනි ආකාරයෙන් වැටුප් ඉහළ නංවා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී ඇති අතර මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මහ බැංකු ප්‍රධානීන් අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට කැඳවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.