රජය මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද ඉහළ දැමීමේ උත්සාහයක නිරත වන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු සියලු මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද සහ දීමනා රැසක් කප්පාදු කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
සියලුදෙනාම ආර්ථික පීඩනයේ බර දරාගත යුතුයි යන සංකල්පය මත සියලුම ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද ඉහළම ආකාරයෙන් කප්පාදු වීම සිදුවූයේ මෙම යුගයේදී බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

