මන්ත්‍රී අර්ච්චුනාට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි……

News Iamges.00_00_00_00.Still2992

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාගය සඳහා අගෝස්තු මස 31 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින්  ගොනු කර තිබූ පෙත්සම අද (02)  අභියාචනාධිකරණ විනිසුරු මහේන් ගොපල්ලව මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අශෝක් භරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම විභාගය සඳහා ඉතා ආසන්න දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර වග උත්තරකාර අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න මහතා ද එම ඉල්ලීමට විරෝධය පළ නොකළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව අදාළ පෙත්සම පිළිබඳ විභාගය අගෝස්තු මස 31 වනදා කැඳවීමට විනිසුරුවරයා නියෝග කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාව වන විටත් ඔහු රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව රජයේ සේවකයෙකු  පාර්ලිමේන්තුවට තේරී පත්වීම නීතියට පටහැනි මෙන්ම  පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසුකමක් බව අදාළ පෙත්සමේ සදහන් කර තිබේ