පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් බස් රථයක් ඔයට පෙරළී සිදුවු අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වේගයෙන් ධාවනය කර ඇති බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව අනතුරට පත් වන්නට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ බස්රථ රියදුරුට එරෙහිව මීට පෙර ද අන්තරාදායක රිය පැදවීම සම්බන්ධයෙන් දඩ නියම කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

