මධ්‍ය කඳුකරයේ 50% ක පමණ ප්‍රදේශයක නායයාමේ අවදානම් ප්‍රදේශ පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ගොඩනැගිලි හා මාර්ග ඉදිකිරීමේදී මේ පිළිබඳව ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවත්, එහෙත් එවැනි ප්‍රවණතාවක් ජනතාව තුළ නොවීම වරින් වර සිදුවන නායයෑම්වලට ප්‍රධාන හේතුව බවත් එම සංවිධානයේ නායයෑම් අධ්‍යයන අංශයේ ප්‍රධානී ජෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රජිත් මහතා පවසනවා.
ඉදිරියේදී සිදු කරන සංවර්ධන කටයුතු වලදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ.

