කොළඹ බේරේ වැව ආශ්‍රීතව ඉතාමත් නුදුරේදීම ජල ගුවන්තොටුපළක් (Water Aerodrome) ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ (ගගන යාත්‍රාංගනය) රංගන සමන්ප්‍රිය මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටයේ අද (14) දින විකාශ්‍ය වූ දෙරණ “BIG FOCUS” වැඩසටහනට එක් වූ අවස්ථාවේ දී යි.
මේ වන විටත් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් ජලාශ ආශ්‍රිත ගුවන් පථ 22ක් පමණ අනුමත කර ඇති බව ද ඔහු පවසා සිටියේ ය.
තව ද ඔහු වැඩි දුරටත් පවසා සිටියේ පෞද්ගලික ආයතනයක් වන Cinnamon Air ආයතනය විසින් මෙහෙයුම් සක්‍රීයව කරන එබදු ස්ථාන 7ක් මේ වන විටත් පවත්වාගෙන යන බවයි.
“ජලාශ ආශ්‍රිතව ගුවන් පථ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් 22ක් පමණ අනුමත කරලා තියනවා. ඒකෙන් දැනට පෞද්ගලික ආයතනයක් වන Cinnamon Air එක විසින් මෙහෙයුම් සක්‍රීයව කරන එබදු ස්ථාන 7ක් පවත්වාගෙන යනවා. මේ ඉතාම නුදුරේදී බෙරේ ලේක් එකේ ඒ වගේ Water Aerodrome එකක් අපි operate කරනවා. ඉතාම මෑතකදී.”
ADA DERANA