බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට තවත් පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ගාල්ල වංචාවල ප්රදේශයේදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින්ද සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

