බාල එන්නත් සිද්ධියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාත් රක්ෂිත බන්ධනාගාරයට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබියුලින් සිද්ධියට සම්බන්ධ තවත් නිලධාරියෙකු ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර යන අය මෙලෙස අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඔහු ඊයේ (05) පස්වරුවේ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ලබන 10 වැනිදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවයි සඳහන් වන්නේ.