අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතුරට ලක්වී තිබේ.
බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බසය පාලනයෙන් ගිලිහී යෑමෙන් අද (24) උදෑසන 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.
කොළඹ කොටුව සිට අම්පාර බලා ධාවනයේ යෙදුණු මෙම බස් රථය අනතුරට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය අඹගහ හන්දිය ප්‍රදේශයේදීය.
බස් රථයට විශාල හානි සිදුවී ඇති අතර බස් රථයේ රියදුරු කඩිනමින් රෝහල්ගත කර ඇති අතර, ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

