බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ඉදිකළ තාවකාලික මගී ගුවන් පාලම අද ජනතා අයිතියට පත්කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසින් ඉදිකළ තාවකාලික මගී ගුවන් පාලම, අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ විවෘත කර තිබෙනවා.
එම ගුවන් පාලම අබලන්වීම හේතුවෙන් නව ගුවන් පාලමක් ඉදිකිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබූ අතර නව ගුවන් පාලම ඉදි කරන තෙක් ජනතාවට යාම සඳහා තාවකාලික ඉදිකළ ගුවන් පාලම මෙසේ විවෘත කර තිබෙනවා.


