බදු අය කිරීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම පිළිබඳව රජයේ අවධානය යොමව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මීට අදාළ වාර්තාවක් මේ වනවිට සකස්කරමින් පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
බදු අය කර ගැනීමේ අඩුපාඩු හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගුව ඇතුළු සියලුම ආයතනවලට අදාළ වන පරිදි මෙම වාර්තාව සකස් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

