හිඟ විදුලි බිල් පියවීමට කටයුතු නොකිරීම හේතුවෙන් විසන්ධි කළ බදුල්ල ශික්ෂණ රෝහලට අයත් අංශ කිහිපයක විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ (10) පස්වරුවේ රුපියල් මිලියන 20ක මුදලක් ගෙවා ඇති අතර ඉතිරි මුදල සතියක් තුළ ගෙවා දමන බවට ලිඛිතව දැනුම් දීමෙන් පසු යළි විදුලි සැපයුම ලබාදීමට පියවර ගෙන ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කළේ.
රුපියල් කෝටි 07කට ආසන්න හිඟ විදුලි බිලක් රෝහල වෙත යොමුකර තිබු අතර එය නොගෙවීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ රෝහලේ වෛද්‍ය නිල නිවාස, හෙද පුහුණු අංශය හා හෙද නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණා.
කෙසේ වුවද නිසි කළමනාකරණයකින් තොරව රෝහල් බලධාරීන් විදුලි බිල නොගෙවීම තුළින් වෛද්‍යවරුන් සහ සේවකයින් දැඩී අසීරුතාවට පත්වන බවයි වෛද්‍ය පාලිත රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.
බදුල්ල රෝහලේ විදුලි බිලෙන් මිලියන 20 ක් ගෙවයි
-
විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්….
Read more >> -
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද රිමාන්ඩ්…..
Read more >> -
ජීවිත ආරක්ෂාව ඉල්ලා සූරියකන්දේ පොලිස් කොස්තාපල්ගෙන් පැමිණිල්ලක්…..
Read more >> -
කටුනායක ගුවන්තොටේ ව්‍යාජ බෝම්බ බියක් ඇතිකිරීම ගැන විමර්ශනයක්…..
Read more >> -
මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්…..
Read more >> -
කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු යළි ඇරඹේ….
Read more >> -
විදෙස් දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට….
Read more >> -
බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගයේ බේලි පාලමේ වැඩ අවසන් අදියරේ….
Read more >> -
සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 23 ඉක්මවයි….
Read more >> -
නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයන් හී නායයෑමේ අවදානමට ලක්වූ පාසල් ගැන තීරණයක්…..
Read more >>

