පෞරාණික වටිනාකමින් යුත් රන් බුදුපිළිම හා තවත් වටිනා පෞරාණික උපකරණ තොගයක් සමඟ අනුබල දුන් විහාරාධිපතී හිමි නමක් හා පුද්ගලයෙක් අද (11) අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

ගල්පාත චන්දන පෙරේරා

පෞරාණික වටිනාකමින් යුත් රන් බුදුපිළිම හා තවත් වටිනා පෞරාණික උපකරණ තොගයක් සමඟ අනුබල දුන් විහාරාධිපතී හිමි නමක් හා පුද්ගලයෙක් අද (11) අත්අඩංගුවට
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙලුව පාර,5 කණුව,පැලවත්ත ලිපනයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු සහ එයට අනුබල දුන් යට්ටපාත, 7 කණුව, සදහම් ගඟුල විහාරස්ථානයේ 64 හැවිරිදි විහාරාධිපති හිමියන්ය බව මීගහතැන්න පොලිසිය පවසයි.

මීගහතැන්න ලිහිණියාව කණිෂ්ඨ විද්‍යාලය අසළදී ලද තොරතුරුකට අනුව වැලිපැන්න පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව කළ වැටලීමකදී නෙලුව පාර, 7 කණුව, පැලවත්ත ලිපිනයේ පිහිටි ශ්‍රී සදහම් ගගුල විහාරස්ථානයේ සිට ප්‍රවාහන කරමින් තිබූ පෞරාණික වටිනාකමකින් යුත් රන් බුදු පිළිමයක්,කිරිගරුඬ පිලිමයක්,රත්හදුන් පිලිමයක්,
ඇත්දල දෙකක්,ගල් පිලිමයක්
සෙනර වලිග 2 කලු සුදු
කස්තුරි,
පැරණි මුදල් නොට්ටු හා කාසි කිහිපයක්
ජෝජ් රජුගේ රැව සහිත පීරිසි කොප්ප 1 ඇතුළු භාණ්ඩ කීපයක් භාන්ඩ ප්‍රවාහනය කළ යතුරුපැදීයද අත්අඩංගුවට ගෙන මීගහතැන්න පොලිස් ස්ථානය වෙත භාරදී ඇත

මීගහතැන්න පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර හෙට(12) හිමිනම මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම නියමිතයි.