ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට ඔහු සමඟ එකඟතාවක් ඇති කරගෙන නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ඒ අනුව රටේ ජාතික ප්රශ්නය විසඳිය හැකි නායකයෙක් ලෙස තවත් එක් අවස්ථාවක් රනිල් වික්‍රමසිංහට ලබාදිය යුතු බවට තමා විශ්වාස කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
ආර්ථික අර්බුදය විසඳන තෙක් වත්මන් ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු බවත් ඉන් පසු හොරු අල්ලන සහ කයිවාරු ගසන නායකයින් පත් කරගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

