ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ට ගැළපෙන ආකාරයෙන් සෙසු පොලී අනුපාතිකයන් ද සාමාන්‍යකරණය කිරීම සඳහා අද (25) චක්‍රලේඛයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඒ අනුව සියලුම බලපත්‍රලාභී බැංකුවල උකස් පහසුකම් මත වාර්ෂිකව 18% ක්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත වාර්ෂිකව 23% ක්, ණය කාඩ්පත් මත වාර්ෂිකව 28% ක් ලෙස උපරිම පොලී අනුපාතික සීමා පැනවීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ට ගැළපෙන ආකාරයෙන් බැංකු විසින් පොලී අනුපාත පහළ හෙළීමට කටයුතු නොකිරීම නිසා මෙලෙස නියාමන ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

