පොලිසියේ ගිනි අවියක් සොරාගෙන ඩුබායි පැන්න කොස්තාපල්ගේ වැඩ තහනම් කෙරේ

sri-lanka-police-logo

ගල්කිස්ස පොලිසියේ රාජකාරියේ සිටියදී T-56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 30ක් සොරාගෙන පසුව ඩුබායි වෙත පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙසේ වැඩ තහනමට ලක් කර ඇත්තේ පොලිස් කොස්තාපල් 100430 – ජේ.ඒ.කේ.පී. ජයකොඩි නැමැති ආධුනික පොලිස් කොස්තාපල්වරයා බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම පොලිස් නිළධාරීයා ඩුබායි වෙත පළායාමට පෙර ඔහු සතුව තිබූ ගිනි අවිය පාතාල කල්ලි සාමාජිකයෙකුට ලබාදී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.