පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ව්‍යාප්ත කිරීමේ අරමුණින් මහවැලි කලාපයේ ජලාශ වල පාවෙන විදුලි බලාගාර ඇති කිරීම සදහා තරගකාරී යෝජනා කැදවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
එහි පළමු ව්‍යාපෘතිය වශයෙන් මාදුරු ඔය ජලාශයෙන් සියයට 4ක වපසරියක් එනම් අක්කර 500ක භූමි ප්‍රමාණයක් යොදාගෙන මෙගාවොට් 500ක ධාරිතාවයෙන් යුත් බලාගාරයක් ඉදිකිරීමට නියමිතය.
මේ සදහා යෝජනා කැදවීමට මහවැලි හා පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපටිය මහතා මෙන්ම විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

