පිල් මාරුව තුළින් දේශපාලනය ජයග්‍රහණය කළ නොහැකියි – රංජිත් මද්දුමබණ්ඩාර

ranjith-maddumabandara

පිල් මාරුව තුළින් දේශපාලනය ජයග්‍රහණය කළ නොහැකි බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් සමගි ජන බලවේගයෙන් ඉවත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පළ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ, බිම් මට්ටමේ සිටින පාක්ෂියන් ඇත්තේ සමගි ජන බලවේගය සමඟ බවයි.