පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් හෙයින් ඍජුව හෝ වක්‍රව ඒවායේ නිරත වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම්දෙනවා.
අන් අය බඳවා ගැනීම මඟින් ඉක්මණින් පොහොසත් විය හැකි ක්‍රම ලෙස හෝ අන්තර්ජාලය හරහා පහසුවෙන් මුදල් ඉපැයිය හැකි ක්‍රම ලෙස, ඒවා ක්‍රියාත්මක කරන වංචාකරුවන් විසින් මෙම පිරමීඩ යෝජනා ක්‍රම ඉදිරිපත් කරන බවද, ඒවාට නොරැවටී තමන් උපයාගත් මුදල් රැකගන්නා ලෙසද මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රකට ක්‍රීඩා, ආගමික හෝ විනෝදාශ්වාද අවස්ථා සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මඟින් ඒවා ක්‍රියාත්මක කරන වංචාකරුවන් යහපත් පුද්ගලයින් සේ සමාජයේ පෙනී සිටීමට උත්සාහ කරන බවද මහ බැංකුව පෙන්වා දෙනවා.
එවැනි යෝජනා ක්‍රම 8 ක් පිළිබඳව මේ වනවිට මහ බැංකුව මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කර ඇති බවද, ඊට අමතරව තවත් පිරමීඩ යෝජනාක්‍රම පැවතිය හැකි අතර ඒවා පිළිබඳව ද මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශනය කරමින් සිටින බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
නිවේදනය පහතින්.
පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් – ශ්‍රී ලංකා මහ බැංකුව
-
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඊශ්‍රායලයේ තවත් රැකියා අවස්ථා…
Read more >> -
චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ශ්‍රී ලංකාවට යුවාන් මිලියනයක්….
Read more >> -
ව්‍යවස්ථාදායක සභාව සීමාව ඉක්මවා ගිහින් – ඇමති නලින්ද….
Read more >> -
එජාප සහ සජබ අතර සාකච්ඡාවක්…..
Read more >> -
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක යළි ක්‍රියාත්මක කිරීම ජනවාරියේ
Read more >> -
6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු යෙදුමක් – පරීක්ෂණයක් ආරම්භ කෙරේ…
Read more >> -
හිටපු ඇමති ඩලස්ගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක්….
Read more >> -
ආපදාවෙන් පීඩා වූ පවුල්වලින් 87%කට රු. 25,000 දීමනාව ලබාදී අවසන්…..
Read more >> -
කොහුවල වෙඩි තැබීමක්…..
Read more >> -
විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්….
Read more >>

