පැමිණිල්ලක් විමර්ශණය නොකළ පොලිසියේ දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

sri-lanka-police-logo

පැමිණිල්ලක් විමර්ශණය නොකළ නාරම්මල පොලිස් ස්ථානයේ නිලධාරින් දෙදෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මෙම නියෝගය ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ.

මීගමුවේ පිහිටි ව්‍යාපාරික ආයතනයක දේපල සොරකම් කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ලැබී තිබුණා.