පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට රුපියල් මිලියන 245ක් වන්දි ගෙවා තිබෙනවා – නීතිපති

court-2

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට මුදල් ගෙවූ ආකාරය සම්බන්ධයෙන් අද (27) නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව දුන් තීන්දු අනුව, අය කරගත් මුදල්වලින් රුපියල් මිලියන 245ක් වින්දිතයින්ට ගෙවා තිබෙන බවයි නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ.

එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12ක් අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.