පාර්ලිමේන්තුවේ කෝටි හතක විදුලි බිලක් තවම ගෙවා නෑ – ලංකා විදුලි සේවක සංගමය

ranjan-jayalal-44

පාර්ලිමේන්තුව විසින් විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු හිඟ ගාස්තු ඇති බවත්, ඒ අනුව මාස හයක් සඳහා රුපියල් කෝටි 07 ක විදුලි බිලක් ‍ගෙවීමට ඇති බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසනවා.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට හා වෘත්තිය සමිති මර්දනයට එ‍රෙහිව ලංකා විදුලි බල වෘත්තිය සමිති විසින් අද (22) කොළඹ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අත් පත්‍රිකා බෙදා හැරිය අතර, එහිදී ඔහු මේ බව සඳහන් කළා.

අගෝස්තු මස සිට මේ දක්වා ශිරන්ති රාජපක්ෂගේ ලක්ෂ 09 කට අධික හිඟ මුදලක් ගෙවීමට ඇති බවත්, රටේ ජනතාවගේ විදුලිය විසන්ධි කිරීමට පෙර එම නොගෙවු විදුලි බිල අයකරගන්නා ලෙස ඇමතිවරයාට දැනුම් දෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.