පානීය ජල අවශ්‍යතාව හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කෙරේ

water-cut

පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ අනුව හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා ඒකාබද්ධ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ජලසම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර එම අමාත්‍යංශ තුනේ ලේකම්වරුන්ගෙන් එම කමිටුව පත් කිරීමට නියමිතයි.