ගුරු වෘත්තීය සමිති අද (27) දහවල් දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබුණා.
ඒ අනුව අද පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව ඔවුන් පාසල් ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරතවී ඇති අතර මේ සඳහා විශාල ගුරුවරුන් පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.
පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්රදේශයේ පැවැති විරෝධතාව අතරවාරයේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කිරීමට විරෝධය පළකරමින් සහ වැටුප් විෂමතා ගැටලුව මුල් කරගනිමින් මෙම විරෝධතා සංවිධානය කර තිබුණා.


