ප්‍රදේශවාසීන් විසින් අත් අඩංගුවට ගෙන භාරදුන් සැකකරුවකු පානදුර දකුණ පොලිසිය තුළදී ගොස් ඇත
ඊයේ දින 8.30 ට පමණ පානදුර දකුණ පොලිස් වසමේ පිංවල දී සොරකම් කිරීම සම්බන්ධව සැකපිට ප්‍රදේශවාසින් විසින් අත් අඩංගුවට ගෙන පහරදි පානදුර දකුණ පොලිස් ස්ථානයට භාරදී ඇති පහත නම් සඳහන් පුද්ගලයා තුවාල හේතුවෙන් පොලිසිය විසින් රොහල් ගතකිරීමට කටයුතු කර ඇති අතර එහිදි ඔහු මියගොස් ඇත.
නම – බුද්ධික දිනේෂ් පෙරේරා
ලිපිනය – අංක 51. සිල්වා පාර. පිංවල. පානදුර
වයස – අවුරුදු 39 යි.
මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතයට අබ්බැහිවූවකු බවට තොරතුරු අනාවරණය වි ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිස් ස්ථානය විසින් පරික්ෂණ සිදුකරනු ලබයි .

