පළාත් සභා සඳහා බලතල ලබාදීමට කටයුතු කරන්නේ නම් අත්හිටුවා ඇති පළාත් සභා මැතිවරණය පළමුවෙන් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසනවා.
ඊයේ (26) පැවති සර්ව පාක්ෂික සමුළුව අගක් මුලක් නැති සමුළුවක් බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්වරයාද බලය බෙදීම සම්බන්ධයෙන් එකඟතාවක් නොමැති බවට ප්‍රකාශ කළ බවයි උන්වහන්සේ සඳහන් කළේ.
ජනාධිපතිවරයා උතුරට බලතල ලබාදීමට කටයුතු කරන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාවගේ ඡන්දය තීරණාත්මක වනු ඇති බවට ජනාධිපතිවරයාගේ විශ්වාසය නිසා බවද අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

