ලෝක බැංකු ආධාර යටතේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් මඟින් පළාත් නවයම ආවරණය වන පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්රය වෙනුවෙන් බිලියන නවයක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර කර නොමැති සේවකයින් 8400ක්, කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.



