පශු වෛද්‍යවරුන් අද වර්ජනයක

vet

රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (30) ලෙඩ නිවාඩු දමා වර්ජනයක නිරතවනවා.

ඒ අනුව එහි සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන්ට අනිසි ලෙස බලපෑම් කරමින් බිත්තර ආනයනය සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සතුන්ට ප්‍රතිකාර කිරීමේ සේවා ඇතුළු කටයුතු බිඳ වැටිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.