නේපාලයේ භූකම්පනයකින් 69 දෙනෙකු මරුට

earth

නේපාලයේ ඇතිවූ මැග්නිටියුඩ් ඒකක 5.6ක භූ කම්පනයකින් පුද්ගලයින් 69 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වයඹදිග නේපාලයේ කඳු සහිත ප්‍රදේශයක ඊයේ මධ්‍යම රාත්‍රියේ හටගෙන ඇති මෙම භූ කම්පනයේ ප්‍රභලත්වය එහි අපිකේන්ද්‍රයේ සිට කිලෝ මීටර 500ක පමණ දුරින් පිහිටි ඉන්දියාවේ නව දිල්ලි අගනුවරටද දැනී ඇති බවයි වාර්තා වෙන්නේ.