නෙළුම් කුලුනේ පළමු කැරකෙන අවන්හල දෙසැම්බර් 09 වැනිදා විවෘත වෙයි

lotus-tower-12

කොළඹ නෙළුම් කුලුනේ පළමු කැරකෙන අවන්හල දෙසැම්බර් 09වැනිදා විවෘත වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙම අවන්හල තුළ එක් වරකදී 225ත් – 250ත් අතර පිරිසකට රැඳී සිටීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.

ලබන 9 වනදා රාත්‍රී 7.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම සඳහන් කළේ.